Youth Vote SL




  0766 803 856



#YouthVoteSL යනු ශ්‍රී ලංකාව තුල වෘත්තීමය දේශපානයේ නිරතවන පිරිස තුළ තරුණ ප්‍රජාවගේ ප්‍රතිශතය ඉහල නැංවීමට සිදුකරන ව්‍යාපෘතියකි.

තරුණ ඡන්ද දායකයන් තම ඡන්දය භාවිතා කිරීමේදි තරුණ අපේක්ෂකයකු තෝරා ඡන්දය ලබා දීමේ ප්‍රවණතාවයක් ඇති කිරීමට අප විසින් අප සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබයි.

තරුණ ඔබට වැටහෙන සරළ බසින් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ.

2018 පළාත් පාලන මැතිවරණය ජය ගන්නා තරුණ අපේක්ෂකයින් ඉදිරි පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ කරා ගෙන යාමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීමට අප මාධ්‍ය ක්‍රියාවලිය උපකාරීවනු ඇත.

තරුණ අපේක්ෂකයන්ට 2018 පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය සමාජ මාධ්‍ය මග පෙන්වීමද අප සිදුකරණු ලබන අතර මෙමගින් ගම් නගර පාලනයට 2018 දි එක්වන තරුණ ප්‍රතිශතය වැඩිවනු දැක්ම අපගේ අරමුණය.

පාරම්පරිකව දේශපාලන නියෝජිතයා වීමේ ක්‍රමයට තවදුරටත් අවකාශය නොදී එම දූෂිත නූගත් දේශපාලන පරම්පාරවත් දේශපාලන හිතවතුන් වෙනුවට බුද්ධිමත් තරුණ අපේක්ෂකයින්ට දේශපාලන ක්‍රියාවලිය තුළ ශක්තිමත්ව ඉදිරියට යාමට සහය දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ ඇති දේශපාලන පක්ෂවලට ඇති ඔබගේ නිසඟ ලැඳියාව ඉවත් කර ගැනීමට අවශ්‍ය දැනුම, හේතු කාරණා තරුණ ඡන්ද දායකයින්ට ඔවුනට වැටහෙන බසින් නිරතුරුව සාකච්ඡා කරමින් පක්ෂ ප්‍රමුඛව ඡන්දය ලබාදීමේ හුරුව නවතාලිය යුතු බවට තරුණ ප්‍රජාවට මඟ පෙන්වීමක් අප කරනු ලබයි.

ඔබගේ ගම නගරය පාලනය කල දූෂිත දේශපාලකයා වෙනුවට තරුණ අපේක්ෂකයකු තෝරා ගැනීමෙන් ශ්‍රී ලාංකික දේශපාලන ක්‍රියාවලියටම ඔබට වැදගත් පණිවිඩයක් ලබාදිය හැක.